වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් “සරණ” නමින් උපකාරක සේවාවක්

Published on

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් “සරණ” නමින් උපකාරක සේවාවක් ආරම්භ කරනු ලැබුවා.

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජුනි 15 වෙනිදාට යෙදෙන “ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය” සමගාමීවයි.

ඒ අනුව 0707 89 88 89 දරණ වට්ස්ඇප් අංකය හරහා දරුවන් විසින් නොසලකා හරින, සරණක් අවැසි වැඩිහිටියන්හට නඩත්තු ඉල්ලීම පිළිබඳ ඕනෑම අවස්ථාවක ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයට තොරතුරු ලබාදිය හැකි වනවා.

මෙම අවස්ථාව සංකේත්වත් කරමින් අද දින නිල වශයෙන් වට්ස් ඇප් අංකය ජනගත කිරීම සිදුකරනු ලැබුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා හා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේදීයි.

එමෙන්ම වැඩිහිටි අපයෝජනය පිළිබඳව දීපව්‍යාප්තව ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාව සංකේතවත් කරමින් කොඩි පැළඳවීමක්ද සිදුකෙරුණා.

Latest articles

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමේ වැඩසටහනක්

2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් පළාත් මට්ටමින් ඇගයීමේ...

රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට

රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට හා සභාපති ධුරය හිමි කර ගැනීමට සමගි ජන බලවේගය...

දේශපාලනීකරණය වූ සමාජ ආරක්ෂණ වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නේ නැහැ – ජනපති

නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජනතාව කේන්ද්‍ර කර ගත් ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරියට...

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණීමට ටෙන්ඩර් කැඳවයි

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් භාවිතා කළ වාහන විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවා...

More like this