රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට හා සභාපති ධුරය හිමි කර ගැනීමට සමගි ජන බලවේගය අද සමත් වුණා.
ඒ අනුව එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ හික්කඩුව ලියනගේ නිමල් මුණසිංහ මහතායි එහි සභාපතිවරයා ලෙස තේරී පත් වූයේ.
පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව රත්නපුර ප්‍රාදේශීය සභාවේ වැඩි බහුතරයක් හිමිව තිබුණේ විපක්ෂයටයි.