ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමේ වැඩසටහනක්

Published on

2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් පළාත් මට්ටමින් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදලෙන් සංවිධානය කර තිබෙනවා.

එහිදී, 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුලසතා දැක්වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම විශිෂ්ටයන් තෝරා ගනු ලබන්නේ විභාග දෙපාර්තමේන්තුව හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2023/2024 විභාගවලට අදාළව නිකුත් කරන ලද ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින්.

පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන වැඩසටහනේ පළමු වැඩසටහන ලෙස 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක් වූ උතුර පළාතේ සිසුන් ඇගයිම 2025 ජූනි 22 වන දින කිලිනොච්චියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දක්ෂතා දැක්වූ විශිෂ්ටයින් එහිදී ඇගයීමට ලක් කෙරෙයි.

මේ අතර සෙසු පළාත්වල වැඩසටහන්ද නුදුරේදීම පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

Latest articles

වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් “සරණ” නමින් උපකාරක සේවාවක්

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය...

රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට

රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට හා සභාපති ධුරය හිමි කර ගැනීමට සමගි ජන බලවේගය...

දේශපාලනීකරණය වූ සමාජ ආරක්ෂණ වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නේ නැහැ – ජනපති

නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජනතාව කේන්ද්‍ර කර ගත් ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරියට...

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණීමට ටෙන්ඩර් කැඳවයි

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් භාවිතා කළ වාහන විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවා...

More like this