වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණීමට ටෙන්ඩර් කැඳවයි

Published on

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් භාවිතා කළ වාහන විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

එම අමාත්‍යාංශය පැවසුවේ මෙම වාහන අතරට සුඛෝපභෝගී වාහන 16ක්, අනෙකුත් වාහන 03ක් සහ අබලි වාහන 03ක් අයත්වන බවයි.

මෙම ටෙන්ඩරයට සහභාගී වීමට සුදුසුකම් ලබනුයේ ශ්‍රී ලාංකික පුරවැසියන් හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් බවයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

පුරවැසියන් තමන්ගේ හැඳුනුම්පතේ සහතික කළ පිටපතක් සහ සමාගම් හෝ සංවිධාන නම් ලියාපදිංචි සහතිකයේ සහතික කළ පිටපතක් ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේදි අමුණා තිබිය යුතු වනවා.

මේ සඳහා උනන්දුවක් දක්වන ටෙන්ඩර්කරුවන් 0112186076 දුරකතන අංකයෙන් ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් (පාලන) හෝ ප්‍රවාහන නිලධාරීවරයා අමතා මේ සම්බන්ධව වැඩිදුර විස්තර ලබා ගත හැකියි.

ඒ අනුව 2025 ජුනි මස 16 දින සිට 2025 ජුලි මස 07 දින දක්වා කාර්යාල දිනයන්හි දී පෙව 10.00 සිට පව 1.00 දක්වා එකී වාහන පරීක්ෂා කර බැලිය හැකි බවද එම අමාත්‍යාංශය සඳහන් කළා.

Latest articles

ලංකා සහ බංග්ලාදේශ පළමු ටෙස්ට් සටන අරඹයි – කාසියේ වාසිය බංගලියන්ට

සත්කාරක ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට්...

ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම RE-ENTRY වීසා කාලය දිගු කර ගැනීම...

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වන්න – ට්‍රම්ප් අනතුරු අඟවයි

ඉරානයේ ටෙහෙරාන් නුවර සිටින සියලුදෙනා වහාම ඉන් ඉවත් විය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

පොතුහැර අමුණුගම දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම තාවකාලිකව අත්හිටුවයි

පොතු හැර අමුණුගම දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක්...

More like this