අද උදැසන එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ලාංකික තරුණයෙකුට තුවාල

Published on

අද (16) උදෑසන බෙනිබරක් (Bnei Brak)ප්‍රදේශයට එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් සඳහා පැමිණි ශ්‍රී ලංකික තරුණයෙකුගේ පාදයට තුවාල සිදුව තිබෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා මේ බව දැනුම්දී ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

එලෙස තුවාල ලබා ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි විමුක්ති මධුසංක නැමති තරුණයෙක්.

බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා යොමු කිරීමට දැනට කටයුතු යොදමින් සිටින බවයි.

මේ අතර, ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හමුවේ ගොඩනැගිල්ලක වීදුරුවක් කඩා වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා තිබුණා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ඊශ්‍රායලයේ බැට් යම් ප්‍රදේශයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් වන චන්දිමා දිල්රුක්ෂි යන අයයි.

ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවා.

Latest articles

වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් “සරණ” නමින් උපකාරක සේවාවක්

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය...

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමේ වැඩසටහනක්

2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් පළාත් මට්ටමින් ඇගයීමේ...

රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට

රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට හා සභාපති ධුරය හිමි කර ගැනීමට සමගි ජන බලවේගය...

දේශපාලනීකරණය වූ සමාජ ආරක්ෂණ වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නේ නැහැ – ජනපති

නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජනතාව කේන්ද්‍ර කර ගත් ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරියට...

More like this