කොළඹ මහා නගර සභාවේ නගරාධිපති තේරීමේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
මෙහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය වෙනුවෙන් පක්ෂ විපක්ෂ නම් යෝජනා කර තිබෙනවා.
එහිදී සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය නගරාධිපති අපේක්ෂක ලෙස මොහොමඩ් රීසා සාරුක් මහතා යෝජනා කර ඇති අතර ජාතික ජන බලවේගයෙන් යෝජනා කර ඇත්තේ ව්‍රායි කැලී බල්සතාර් මහත්මියයි.
ඒ අනුව ජාතික ජන බලවේගය රහස් ඡන්දයක් ඉල්ලා සිටි අතර විපක්ෂය විවෘත ඡන්දයක් ඉල්ලා සිටියා.
පසුව නගරාධිපතිවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයකට යාමටයි දෙපාර්ශ්වයේම එකඟ වූයේ.