කොළඹ පුරපති තේරීමේ ඡන්ද විමසීම අද

Published on

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුකිරීමට නියමිතයි.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවුණා.

එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 5ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 4ක් සහ සර්වජන බලයට සභික ධුර 2ක් හිමි වු අතර සෙසු සභික ධුර සංඛ්‍යාව අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතරයි බෙදී ගියේ.

ඡන්ද ප්‍රතිඵලයට අනුව කිසිදු පක්ෂයක් විසින් සියයට 50 ඉක්ම වූ බහුතර සභික සංඛ්‍යාවක් ලබානොගැනීම තුළ කොළඹ මහ නගර සභාවේ ප්‍රධානීන් පත් කරගැනීම සඳහා අද පැවැත්වෙන මංගල රැස්වීමේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි.

ජාතික ජන බලවේගය මෙන්ම සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ද කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බවට ප්‍රකාශ කර තිබීම හේතුවෙන් අද පැවැත්වෙන ඡන්ද විමසීම බොහෝදෙනාගේ අවධානයට ලක්වයි ඇත්තේ.

කොළඹ මහ නගර සභාව සදහා පත් වූ ජාතික ජනබලවේගයේ සභිකයින් පසුගියදා දිවුරුම්දුන් අතර සමගි ජන බලවේගයේ සභිකයින් ඊයේ දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේයි දිවුරුම්දෙනු දෙනු ලැබුවා.

Latest articles

වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් “සරණ” නමින් උපකාරක සේවාවක්

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය...

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමේ වැඩසටහනක්

2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් පළාත් මට්ටමින් ඇගයීමේ...

රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට

රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට හා සභාපති ධුරය හිමි කර ගැනීමට සමගි ජන බලවේගය...

දේශපාලනීකරණය වූ සමාජ ආරක්ෂණ වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නේ නැහැ – ජනපති

නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජනතාව කේන්ද්‍ර කර ගත් ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරියට...

More like this