ඉලංකෙයි තමිල් අරුසු කච්චි දේශපාලන ප්රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
යාපනය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටිය දී ඔහු අභාවප්රාප්ත වී ඇත්තේ අද (29) පස්වරුවේ දීයි.
මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවුණා.
යාපනයේ පිහිටි නිවසේ දී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සේනාධිරාජා මහතා රෝහල් ගත කරනු ලැබුවේ ඊයේ දිනයේ දීයි.