විජිත හේරත් සහ වතිකානු තානාපති අතර හමුවක්

Published on

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ මෙරට වතිකානු තානාපති අගරදගුරු බ්‍රයන් අඩයිග්වේ අපෝස්තලික උපදේශක සමඟ හමුවක් පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේදි පැවැත් වුණා.

වතිකානු ශුද්ධාසන රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර රාජතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 50ක් පිරීම ලබන වසරේ සැමරීමට බලාපොරොත්තු වන බව වතිකානු රාජ්‍ය තානාපතිවරයා මෙහිදි අමාත්‍යවරයා වෙත දැනුම් දුන් බව සඳහන්.

තානාපතිවරයා මෙහිදී කියා සිටියේ ඒ වෙනුවෙන් වතිකානු ශුද්ධාසන රාජ්‍යයේ විදේශ අමාත්‍ය අගරදගුරු පෝල් ගැලගර් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බවයි.

වතිකානු ශුද්ධාසන රාජ්‍යයේ අතිපූජ්‍ය පාප්වහන්සේගේ විශ්ව විද්‍යාලවල දැනටමත් 100කට අධික ශ්‍රී ලාංකික කතෝලික පූජකවරුන් හා කන්‍යා සොහොයුරියන් අධ්‍යයනය ලබනවා.

සංස්කෘතික සහයෝගීතාව හා වතිකානුවේ පැරණි ස්මාරක හා ලිපිලේඛන සුරැකීම පිළිබඳව ලබා ඇති අත්දැකීම් ශ්‍රී ලංකාව හා බෙදාගැනීමට අවස්ථාවක් සොයා බැලීමට ද මෙම සාකච්ඡාවේ දී එකඟ වී තිබෙන බවයි කියන්නේ.

අමාත්‍ය විජිත හේරත් තානාපතිවරයාට කියා සිටියේ වතිකානුවේ ශුද්ධ රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර වසර පනහක් පුරා පැවැති සහයෝගීතාව සහ සහජීවනය බෙහෙවින් අගය කරන බවයි.

විශේෂයෙන් ශුද්ධාසන රාජ්‍යයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන කැරිටාස් ජාත්‍යන්තර සංවිධානය ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිටුදැකීමට හා විශේෂයෙන් වතුකරයේ හා කෘෂිකාර්මික ප්‍රදේශවල ජනතාවට ඉටුකරන සේවය පිළිබඳව අමාත්‍යවරයා වතිකානු ශුද්ධාසන රාජ්‍යයට සිය ස්තූතිය පළ කළා.

2022 සිට 2025 කාලය තුළ කැරිටාස් සංවිධානය ඇමරිකානු ඩොලර් 380ක ආධාර තරුණ කටයුතු නිවාස හා උතුරු නැගෙනහිර පුනරුත්තාපන කටයුතු සඳහා වැය කර ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා ඒ පිළිබඳව වතිකානු ශ්‍රද්ධාසන රාජ්‍ය වෙත කෘතඥතාව පළ කර සිටි බව සඳහන්.

Latest articles

ගාල්ල, හිනිදුම වෙඩි තැබීමක් – 03ක් මරුට

ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම වෙඩි තැබීම...

වොෂින්ටන් ගුවන් අනතුරින් මිය ගිය 19කගේ සිරුරු සොයා ගනියි

වොෂින්ටනයේ රේගන් ගුවන් තොටුපළ අසල ඉහළ අහසේදි සිදු වු ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින්...

සමිත දුලාන්ට අගමැතිනියගෙන් නව හෙල්ලයක්

2024 ලෝක පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03 දස්කමක්...

සටන් විරාම ගිවිසුමේ ප්‍රාණ ඇපකරුවන් අතර සිටි ඊශ්‍රායල හමුදා සාමාජිකාව රතු කුරුස කමිටුවට භාර දෙයි

නව සටන් විරාම ගිවිසුම යටතේ අද දින නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් අතර සිටි...

More like this

ගාල්ල, හිනිදුම වෙඩි තැබීමක් – 03ක් මරුට

ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම වෙඩි තැබීම...

වොෂින්ටන් ගුවන් අනතුරින් මිය ගිය 19කගේ සිරුරු සොයා ගනියි

වොෂින්ටනයේ රේගන් ගුවන් තොටුපළ අසල ඉහළ අහසේදි සිදු වු ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින්...

සමිත දුලාන්ට අගමැතිනියගෙන් නව හෙල්ලයක්

2024 ලෝක පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03 දස්කමක්...