නැගෙනහිර පළාත තුළ ක්‍රියාක්මකවන ක්ෂුද්‍ර සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත වැඩිදියුණු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (29 ) පැවැත්වුණා.
මෙහිදී කර්මාන්ත අමාත්‍යාංශය සහ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන මගින් නැගෙනහිර පළාත තුළ සිටින කර්මාන්තකරුවන්ට ලබාගත හැකි සේවාවන් පිළිබඳව පැමිණ සිටි කර්මාන්තකරුවන් දැනුවත් කළ හඳුන්නෙත්ති අමාත්‍යාවරයා , “One Zone – One Industry” ලෙස එක් කර්මාන්ත ක්ෂේත්‍රයන් සඳහා එක් කර්මාන්තපුරයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දුන් බව සඳහන්.
විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරමින් පැමිණ සිටි කර්මාන්තකරුවන්, මේ වන විට ඔවුන් තම කර්මාන්ත පවත්වාගෙන යාමේදී මුහුණ දෙන විවිධ ගැටළු පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කරන ලද අතර එහිදී සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා විසින් අනෙකුත් රාජ්‍ය ආයතනද සම්බන්ධ කර ගනිමින් ඉදිරිපත් වූ ගැටළු රැසකට එම මොහොතේම විසඳුම් ලබාදුන්නා.
මෙහිදී ව්‍යවසායකත්ව සංවර්ධනය කිරීම අමාත්‍යාංශයේ වගකීම බව පැවසූ අමාත්‍යවරයා කර්මාන්තකරුවන් සඳහාම විශේෂ වූ සංවර්ධන බැංකුවක් පිහිටුවීමේ වැදගත්කම අවධාරණය කළ අතර එම සංවර්ධන බැංකුව ඉතාමත් ඉක්මනින් පිහිටුවීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවයි කියා සිටියේ.