විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM), විදේශ රටවල ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල මගින් විදේශ ගමන් බලපත්‍ර නිකුත්කිරීම හා කාලය දිගු කිරීමේ කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ කඩිනමින් සිදු කර ගැනීමට අදාළ සාකච්ජාවක් පසුගියදා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා.
සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) නියෝජනය කරමින් එම සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී ක්‍රිස්ටීන් පාර්කෝ මහත්මිය අමාත්‍යවරයා වෙත දැනුම්දී සිටියේ මෙම වසර අවසානයට ප්‍රථම විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය විසින් තෝරාගනු ලබන තානාපති කාර්යාල 20ක් මෙම ඔන්ලයින් ව්‍යාපෘතියට සම්බන්ධකර ගන්නා අතර මේ සඳහා සියලු ප්‍රදානයන් ජපන් රජය විසින් ලබාදෙන බවයි.
දැනට විදේශගත ශ්‍රී ලාංකිකයන් මුහුණදී ඇති බරපතල ගැටඵවක් වන විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ දී ගතවන අධික කාලයට විසඳුමක් ලෙස යෝජිත මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමුකිරීමත් ඇඟිලි සලකුණු ලබා ගැනීමත් තානාපති කාර්යාලය තුළදීම සිදු කෙරෙනු ඇති.
පළමු අදියර යටතේ තානාපති කාර්යාල 20ක මෙම මාර්ගගත ක්‍රමය හඳුන්වා දීම නිමා කළ පසු ඉදිරිකාලවලදී මෙම සේවාව සෙසු තානාපති කාර්යාලවලට ද ව්‍යාප්ත කරන මෙන් අමාත්‍යවරයා ක්‍රිස්ටීන් පාර්කෝ මහත්මියගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) සම්පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව එම මහත්මිය අමාත්‍යවරයා වෙත දැනුම් දුන්නා.