සුඩානයේ එල් ෆෂර් නගරයේ රෝහලකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 70 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනම් පවසා තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තවත් රෝගීන් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි කියන්නේ.
වාර්තාවල සදහන් වන්නේ ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ එම රෝහල රෝගීන්ගෙන් පිරී පැවති බවයි.