රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
මුදල් විශුද්ධිකරන චෝදනාවක් මත පෙරේදා (25) දිනයේදි අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින් බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් යෝෂිත රාජපක්ෂ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.