නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහාත්, උතුර නැගෙනහිර දෙමළ ප්‍රශ්නයට විසදුම් ලබා ගැනීම පිණිසත් රජයට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය හා දෙමළ ජාතික ජනතා පෙරමුණ තීරණය කර තිබෙනවා.
ඊයේ (26 ) යාපනයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා විසින් සංවිධාන කළ මෙම මූලික සාකච්ඡාව සඳහා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය වෙනුවෙන් උතුර පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.ශිවඥානම් මහතා සහ ඊ.පී. ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා සහභගි වී සිටියා.
එම සාකච්ඡාවේදී පක්ෂ තුනේ නායකයින් මීළග සාකච්ඡා වටයට අනෙකුත් දෙමළ දේශපාලන පක්ෂ සහභාගී කරවා ගැනීමට තීරණය කර තිබෙන බවයි කියන්නේ.
මෙහිදී උතුර නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් වශයෙන් මේ වන විට රජයට ඉදිරිපත් කර ඇති ප්‍රධාන යෝජනා 13 ක් ඇතුළත් සන්දේශයේ කරුණු කිහිපයක් යළි සංශෝධනය කිරීමට ඇති අවශ්‍යතවය පිළිබඳවද සාකච්ඡා කර තිබෙන බව සඳහන්.
රජය විසින් අනිවාර්යෙන්ම සිදු කරණු ලබන ව්‍යවස්ථා සංශෝධනයට දෙමළ පක්ෂවලින් ඉතා ශක්තිමත් යෝජනාවලියක් ඉදිරිපත් කළ යුතුව ඇති අතර එම යෝජනාවන් සාර්ථක කර ගැනීම පිණිස රජය සමග අවම තරමින් සාකච්ඡා වට තුනක් හෝ පැවැත්විය යුතු බවටද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
උතුරේ ක්‍රියාත්මක දෙමළ දේශපාලන පක්ෂ විසින් රජය සමග විවිධ අවස්ථාවලදී කෙරුණු සාකච්ඡාවලට ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා සහභාගී නොවූ අතර එවැනි අවස්ථාවලට ඔහුගෙන් සහයෝගයක්ද ලැබුණේ නැහැ.
නමුත් මෙවර එම දෙමළ දේශපාලන පක්ෂ සියල්ලම එකමුතු කිරීමටත්, ශක්තිමත් යෝජනාවලි සකස් කිරීමටත් රජය සමග සාකච්ඡා ලබා ගැනීමටත් පෙරමුණ ගෙන ක්‍රියා කරනු ලබන්නේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා වීම විශේෂත්වයක්.