සුනඛයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාන්කුලම් ප්‍රදේශයේ පවුල් දෙකක ආරවුලකට හේතුවූ සුනඛයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමට අදාළ පාර්ශවයන් කටයුතු කර ඇති බව සඳහන් කරමින් සමාජ ජාලා මාධ්‍ය තුළ පුවතක් සංසරණය වෙමින් පවතිනවා.
ඝාතනයට ලක් වූ සුනඛයාගේ ඡායාරූපය රැසක්ද ඒ අතර වන බැවින් ලැබී ඇති තොරතුරු අනුව වහාම සැකකරුවන් සොයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කළා.
එම විමර්ශනය අනුව මාන්කුලම් පොලිස් ස්ථානයේ නිලධාරීන් අද (27) දින උදෑසන 48 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
1907 අංක 13 දරණ සත්ව හිංසන වැලැක්වීමේ අඥා පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව සැකකාර කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.