මේ වසරට අදාළ නව පාසල් වාරය අදින් ආරම්භ වනවා.
පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක අතර, එහි පළමු අදියර අවසන් වන්නේ මාර්තු මස 14 වැනිදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් මස 01 සිට 11 වැනිදා දක්වාත්, එහි තෙවැනි අදියර අප්‍රේල් 21 වැනිදා සිට මැයි 09 වනදා දක්වාත් පැවැත්වීමට නියමිතයි.
එසේම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද සිට ආරම්භ වන අතර එය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමට හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව පෙබරවාරි මස 06 වැනිදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණයට ඉල්ලුම් කිරීමට අවස්ථාව පවතිනවා.