ලැව්ගිනිවලින් විනාශයට පත් ප්‍රදේශවල සංචාරය කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව සිදුව ඇති හානිය දැකබලා ගැනීම සඳහායි ට්‍රම්ප් කැලිෆෝනියාවට පැමිණ ඇති බව සඳහන්.
මෙම ලැව්ගිනි හේතුවෙන් කැලිෆෝනියාවට බරපතල හානි සිදු වූවා.
ප්‍රාන්තයෙන් විශාල පිරිසක් තවදුරටත් ඉවත් කර තිබෙන බවයි කියන්නේ.
මෙම ලැව්ගිනිවලින් වනාන්තර රැසක් විනාශයට පත් වූ අතර පවතින දැඩි සුළං තත්ත්වය හා වියළි කාලගුණය හේතුවෙන් ලැව්ගිනි නිවා දැමීම බරපතල ගැටලුවක් වී තිබෙනවා.