පවතින නීති පද්ධතියට අනුකූලව සියලු අත්අඩංගුවට ගැනීම් සිදු වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ හම්බන්තොට දිස්ත්‍රික් හමුවක් අමතමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
රජයට හොරු අල්ලන්නේ නෑ කියා දෝෂාරෝපණය කළද, ඊට ඔවුන්ට යම්කිසි කාලයක් අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ රට විනාස කළ සියල්ලන් පළවා හැර මෙම බලය ලබා ගත් බවත්, හොරුන්ට,කුඩුකාරයන්ට, පාතාලේ අයට කිසිසේත් කොන්ද නොනමන බවයි.
එමෙන්ම බැසිල් රාජපක්ෂලා පෙනෙන්නවත් නැත්තේ ආණ්ඩුවට බයේ හැංගිලා සිටින නිසාවෙන් බවයි ඔහු එහිදී පැවසුවේ.