පොලිස් අත්අඩංගුවේ සිටින අවස්ථාවේදි ලබාගත් හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂගේ ඡායාරුපයක් මේ දිනවල සමාජ මාධ්‍ය සංසරණය වනවා.
පොලිස් අත්අඩංගුවේ පසුවන පුද්ගලයෙකුගේ ඡායාරූපයක් මෙලෙස රැගෙන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක්ද නිර්මාණය වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ මෙම ඡායාරූපය පොලිස් නිලධාරින් විසින් ලබාගත් ඡායාරූපයක් නොවන බවයි.
එමෙන්ම මෙම ඡායාරූපය අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව තුළදී ලබාගත් එකක් නොවන බවත්, බෙලිඅත්ත අධිවේගි පොලිස් මුරපොළ තුළදී සැකකරු රඳවාගෙන සිටි අවස්ථාවේදි ඔහුගේ මිතුරෙකු විසින් ලබාගත් එකක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ සැකකරු මාංචු රහිතව රැගෙන යාමට තීරණය කර ඇත්තේ විමර්ශන නිලධාරියා බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදි ඒ සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ විමර්ශන නිලධාරියා බවයි.