ශ්‍රි ලංකා වරාය අධිකාරියේ නව බදවා ගැනීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රි ලංකා වරාය අධිකාරිය පවසනවා.
ශ්‍රි ලංකා වරාය අධිකාරියේ විවිධ තනතුරු සදහා නව සේවකයින් බදවා ගන්නා බවට සමාජ මාධ්‍ය තුළ විවිධ පුවත් සංසරණය වනවා.
ශ්‍රි ලංකා වරාය අධිකාරියේ පවතින විවිධ කේෂත්‍රයන්හි විවිධ මට්ටමේ තනතුරු පුරප්පාඩු පිරවීම සදහා බාහිර පාර්ශ්වයන්ගෙන් අයදුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාරීත්වය විසින් කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් වරාය අධිකාරිය පවසන්නේ.
ඒ අනුව මෙවැනි ආකාරයේ කිසිදු ප්‍රචාරයකට නොරැවටෙන ලෙසත් , විවිධ පාර්ශ්වයන් වෙත මුදල් හෝ වෙනත් කිසිදු අල්ලසක් ලබා දීමට කටයුතු නොකරන ලෙසත් ශ්‍රි ලංකා වරාය අධිකාරිය මහජනතාව වෙත දැනුම් දෙනවා.