කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ගබඩාවක සිදු කරන ලද විශේෂ පරීක්ෂණයකදී, හයිඩ්‍රේටඩ් දෙහි ලෙස ප්‍රකාශයට පත් කරන ලද බැරල් 20ක් තුළ සඟවා නීති විරෝධී ලෙස රටට ආනයනය කරන ලද මැන්චෙස්ටර් සන්නාමයේ දුම්වැටි තොගයක් ශ්‍රි ලංකා රේගු ආදායම් කාර්ය සාධක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි තිබී දුම්වැටි 420,000 ක් සොයාගෙන ඇති බවයි පැවසෙන්නේ.
මෙම හයිඩ්‍රේටඩ් දෙහි අඩංගු බව කියන ප්ලාස්ටික් බැරල් 20 එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කළුතර ප්‍රදේශයේ සමාගමකට ආනයනය කර ඇති බව සඳහන්.
මෙම නීති විරෝධී භාණ්ඩවල වටිනාකම රු. 31,500,000/- ක් පමණ වන බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රේගු ආදායම් කාර්ය සාධක බලකාය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.