පි⁣ටරට සඟවා ඇති වත්කම් නැවත අත්පත් කර ගන්න ස්විට්සර්ලන්තයේ සහාය

Published on

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය පවසනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ස්විට්සර්ලන්ත තානාපති සිරි වොල්ට් මහත්මිය ජනාධිපති කාර්යාලයේ අද (24) හමු වූ අවස්ථාවේදීයි ඇය මේ බව පැවසුවේ.

මෙරට වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපතිනිය මෙහිදී මග පෙන්වීමක් සිදු කළ අතර, ඒ සඳහා මූලික පහසුකම් සැපයීමට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමටද එකඟ වූ බව සඳහන්.

ශ්‍රී ලංකා රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සඳහා ස්විට්සර්ලන්තයේ අත්දැකීම් සහ තාක්ෂණික දැනුම ලබා දීමටද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.

රජයේ ප්‍රමුඛ වැඩසටහන් සඳහා ස්විට්සර්ලන්ත රජයේ තාක්ෂණික සහ අවශ්‍ය අනෙකුත් සහාය ලබා දීමටත්, “Clean Sri Lanka“ වැඩපිළිවෙළට ලබා දිය හැකි සහාය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි කියන්නේ.

උතුරේ සංවර්ධනය, ජාතික සමගිය සහ පවතින අනෙකුත් සමාජ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට සහාය දැක්වීමට හා අවශ්‍ය ආධාර ලබා දීමට කටයුතු කරන බවද ස්විට්සර්ලන්ත තානාපතිනිය මෙහිදි වැඩි දුරටත් සඳහන් කළා.

Latest articles

කට කතාවලට අදානි උත්තර දෙයි

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි...

විකුණන්නේ නැති දෙයක් ගැන ඇමති ලාල් කියයි.

පසුගිය රජය විසින් විකිණීමට තීරණය කර තිබූ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වර්තමාන රජය...

ඩිජිටල් ID එක ගැන දැනුවත් කිරීම් ඇරඹේ

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා...

ඕස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රි ලංකා සංචිතය නම් කර තිබෙනවා. ධනංජයද...

More like this

කට කතාවලට අදානි උත්තර දෙයි

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි...

විකුණන්නේ නැති දෙයක් ගැන ඇමති ලාල් කියයි.

පසුගිය රජය විසින් විකිණීමට තීරණය කර තිබූ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වර්තමාන රජය...

ඩිජිටල් ID එක ගැන දැනුවත් කිරීම් ඇරඹේ

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා...