ඩිජිටල් ID එක ගැන දැනුවත් කිරීම් ඇරඹේ

Published on

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (24) කොළඹ, ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී (ICTA) ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ප්‍රධාන අභියෝග සහ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර අදාළ පාර්ශ්වකරුවන් විසින් අදහස් හුවමාරු කර ගැනීම සහ මතුව ඇති ගැටලු සඳහා ලබාදිය හැකි විසඳුම් හඳුනා ගැනීම ද සිදු වූ බවයි පැවසෙන්නේ.

මෙම වැඩසටහන සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක සහ ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සහ එහි අධ්‍යක්ෂ සංජය කරුණාසේන මහතා ද එක්ව සිටි අතර විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය පිළිබඳව ඔවුන් විසින් දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායත මහතාගේ දැක්මට අනුව ක්‍රියාත්මක වන ඩිජිටල් ආර්ථික වැඩසටහනට සමගාමීව, විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර එය විධිමත් කිරීම සහ ඒ පිළිබඳ ජනතාවට පැහැදිලි අවබෝධයක් ලබා දීම මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ අරමුණයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this