දුම්රිය ප්‍රවේශපත්‍ර වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙක් රිමාන්ඩ්

Published on

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරන ටිකට්පත් මිලදීගෙන වැඩි මුදල්වලට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවකු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ආවේක්ෂණ අංශය විසින් සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ.

තිළිණ ලක්මාල් විජේසුන්දර නමැති මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට පමුණුවනු ලැබුවා.

පොලිසිය සඳහන් කළේ මෙම සැකකරු අන්තර්ජාලය ඔස්සේ අදාළ ටිකට්පත් ලබාගෙන ඒවා වැඩි මුදල්වලට අලෙවි කර තිබෙන බවට පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී තිබෙන බවයි.

ඊට අදාළ ලේඛන රැසක්ද පොලිසියේ විසින් අධිකරණයට ඉදිරිපත් කළ බව සඳහන්.

මෙම සැකකරු සන්තකයේ තිබී රුපියල් 130000/- පමණ මුදලක් සොයා ගත් අතර ඒවා මෙම ටිකට්පත් අලෙවියෙන් සොයාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙන බවත් පොලිසිය පැවසුවා.

පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ අනුව අදාළ සැකකරු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත් වරිය නියෝග කළා.

ඊට අමතරව සැකකරු භාරයේ තිබී සොයා ගත් මුදල් අධිකරණයේ ගිණුමට බැර කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබෙන බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (23) නියෝග කර තිබුණා.

Latest articles

කට කතාවලට අදානි උත්තර දෙයි

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි...

විකුණන්නේ නැති දෙයක් ගැන ඇමති ලාල් කියයි.

පසුගිය රජය විසින් විකිණීමට තීරණය කර තිබූ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වර්තමාන රජය...

ඩිජිටල් ID එක ගැන දැනුවත් කිරීම් ඇරඹේ

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා...

පි⁣ටරට සඟවා ඇති වත්කම් නැවත අත්පත් කර ගන්න ස්විට්සර්ලන්තයේ සහාය

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ...

More like this

කට කතාවලට අදානි උත්තර දෙයි

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි...

විකුණන්නේ නැති දෙයක් ගැන ඇමති ලාල් කියයි.

පසුගිය රජය විසින් විකිණීමට තීරණය කර තිබූ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වර්තමාන රජය...

ඩිජිටල් ID එක ගැන දැනුවත් කිරීම් ඇරඹේ

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා...