විදේශීය තරුණියන් වෛශ්‍ය වෘත්තීයේ යෙද වූ සම්බාහන හිමිකරුට බරපතල වැඩ සහිත සිර දඬුවම්

Published on

තෙරපිවරියන් වශයෙන් සේවය කිරීම සඳහා රැකියා ලබා දෙන බව පවසා ඉන්දුනීසියාවේ සිට තරුණියන් තුන්දෙනෙකු ගෙන්වාගෙන වෛශ්‍ය වෘත්තීය යෙදවීමේ චෝදනාවකට වරදකරු කෙරුණු සම්බාහන ආයතනයක හිමිකරුවකුට බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම දඬුවම වසර 05 කින් ගෙවී යා යුතු බව නියෝග කළා.

දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසිනුයි මෙම තීන්දුව ලබා දී තිබුණේ.

ඊට අමතරව අගතියට පත් තරුණියන් තිදෙනාට රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් වන්දි ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසරක ලිහිල් සිරදඬුවම් නියම කරන බවත් නියෝග කළ බව සඳහන්.

2021 වසරේ වලාන දූෂණ මර්දන ඒකකය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුට එරෙහිව චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බවයි.

විත්තිකරුට ලිහිල් දඬුවම් නියම කරන ලෙසයි ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එහෙත් මෙම විත්තිකරු සිදුකර තිබෙන්නේ රට අපකීර්තියට පත් කරන බරපතල වරදක් බව පෙන්වා දුන් විනිසුරුවරයා, මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවයි පැවසුවේ.

ඒ අනුව විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරුකොට දඩුවම් නියම කිරීමටද විනිසුරුවරයා තීන්දු කළා.

Latest articles

කට කතාවලට අදානි උත්තර දෙයි

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි...

විකුණන්නේ නැති දෙයක් ගැන ඇමති ලාල් කියයි.

පසුගිය රජය විසින් විකිණීමට තීරණය කර තිබූ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වර්තමාන රජය...

ඩිජිටල් ID එක ගැන දැනුවත් කිරීම් ඇරඹේ

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා...

පි⁣ටරට සඟවා ඇති වත්කම් නැවත අත්පත් කර ගන්න ස්විට්සර්ලන්තයේ සහාය

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ...

More like this

කට කතාවලට අදානි උත්තර දෙයි

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි...

විකුණන්නේ නැති දෙයක් ගැන ඇමති ලාල් කියයි.

පසුගිය රජය විසින් විකිණීමට තීරණය කර තිබූ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වර්තමාන රජය...

ඩිජිටල් ID එක ගැන දැනුවත් කිරීම් ඇරඹේ

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා...