ජර්මනියේ නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (15) පෙරවරුවේ දිවයිනට පැමිණියා.
තුන් දින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ජර්මනිය බලා පිටත්ව ගියේ, පසුගිය 10 වැනිදා රාත්‍රියේදී යි.
ජනාධිපතිවරයා එම සංචාරය තුළදී ජර්මානු ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවුණා.
ඊට අමතරව එරට වාණිජ මණ්ඩලයේ මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමඟ ද, සාකච්ඡා පැවැත්වුණා.
ඒ, රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම වෙනුවෙන්.
අනතුරුව ජනාධිපතිවරයා, ජර්මනියේ වෙසෙන ලාංකිකයින් ද හමු වී තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සංචාරයේ නිරත වූයේ, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ ආරාධනයකට අනුවයි.