පාසල් අධ්‍යාපනයට බාධා එල්ල වීමට දේශගුණික විපර්යාස හේතුවක් – UNICEF

Published on

දේශගුණික විපර්යාස හේතුවෙන් 2024 දී රටවල් 85 ක අවම වශයෙන් සිසුන් මිලියන 242 කගේ පාසල් අධ්‍යාපනයට බාධා එල්ල වී ඇති බව UNICEF සංවිධානය සිදු කළ නවතම විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා.

අවම වශයෙන් සිසුන් 7 දෙනෙකු අතරින් එක් අයෙකුගේ පාසල් අධ්‍යාපනයට මෙලෙස බලපෑම් එල්ල වී ඇති බවයි පැවසෙන්⁣නේ.

එම වාර්තාවේ දැක්වෙන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් 2024 දී අවම වශයෙන් රටවල් 20 ක් රට පුරා පාසල් වසා දමා ඇති බවයි.

අධික උෂ්ණත්වය, සුළි සුළං, කුණාටු සහ ගංවතුර 2024 දී ලොව රටවල් රැසක පාසල් වැසීමට හේතු වි තිබෙනවා.

බලපෑමට ලක් වූ සිසුන් මිලියන 242 න් සියයට 74 ක් අඩු සහ පහළ මධ්‍යම ආදායම් ලබන රටවල වන අතර, ළමා දේශගුණික අවධානම් දර්ශකයේ (CCRI) සාමාන්‍ය ලකුණු 10 න් 7 ක් වන බව සඳහන්.

2024 දී දකුණු ආසියාව වඩාත්ම බලපෑමට ලක් වූ කලාපය වූ අතර, දේශගුණය ආශ්‍රිත පාසල් බාධා කිරීම් හේතුවෙන් සිසුන් මිලියන 128 ක් පීඩාවට පත් ව තිබෙනවා.

නැගෙනහිර ආසියාවේ පැසිෆික් කලාපයේ සිසුන් මිලියන 50 කට බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.

2024 දී, පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ලොව පුරා වඩාත්ම වැදගත් දේශගුණික විපර්යාසය අධික උෂ්ණත්වය වූ අතර එය ඇස්තමේන්තුගත සිසුන් මිලියන 171 කට බලපෑම් එල්ල කර තිබෙනවා.

අප්‍රේල් මාසයේදී ඉහළම ගෝලීය දේශගුණය ආශ්‍රිත පාසල් බාධා ඇති වූ අතර, බංග්ලාදේශය, කාම්බෝජය, ඉන්දියාව, පිලිපීනය සහ තායිලන්තයේ අවම වශයෙන් ළමුන් මිලියන 118 කට බලපෑම් එල්ල කල ප්‍රධාන සාධකය වූයේ අධික උෂ්ණත්වයයි.

යාගි සුළි කුණාටුව නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කලාපයේ ළමුන් මිලියන 16 කට බලපෑම් එල්ල කළ අතර, සැප්තැම්බර් මාසයේදී එය ඉහළම දේශගුණ බලපෑම බවට පත් වුණා.

අප්‍රිකාවේ, ළමුන් මිලියන 107 කට වඩා දැනටමත් පාසල් නොයමින් සිටින අතර 2024 දී දේශගුණික විපර්යාස හේතුවෙන් තවත් ළමුන් මිලියන 20 ක් පාසල් හැර යාමේ අවධානමට ලක්ව ඇති බවයි යුනිසෙෆ් වාර්තාවේ පෙන්වා දෙන්නේ.

මේ අතර පසුගිය වසරේ ශ්‍රි ලංකාව බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් සිසුන් 515306කගේ අධ්‍යන කටයුතුවලට බාධා එල්ල වූ බවයි යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Latest articles

සුනඛයෙකු ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට

සුනඛයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාන්කුලම් ප්‍රදේශයේ පවුල් දෙකක ආරවුලකට හේතුවූ...

යෝෂිත ඇප මත මුදා හැරීමට නියෝග

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත...

නව ව්‍යවස්ථා සංශෝධනයකට උතුරේ පක්ෂවලින් රජයට යෝජනාවලියක්

නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහාත්, උතුර නැගෙනහිර දෙමළ ප්‍රශ්නයට විසදුම් ලබා ගැනීම පිණිසත් රජයට යෝජනාවලියක්...

මේ වසරට අදාළ නව පාසල් වාරය අද අරඹයි

මේ වසරට අදාළ නව පාසල් වාරය අදින් ආරම්භ වනවා. පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ...

More like this

සුනඛයෙකු ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට

සුනඛයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාන්කුලම් ප්‍රදේශයේ පවුල් දෙකක ආරවුලකට හේතුවූ...

යෝෂිත ඇප මත මුදා හැරීමට නියෝග

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත...

නව ව්‍යවස්ථා සංශෝධනයකට උතුරේ පක්ෂවලින් රජයට යෝජනාවලියක්

නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහාත්, උතුර නැගෙනහිර දෙමළ ප්‍රශ්නයට විසදුම් ලබා ගැනීම පිණිසත් රජයට යෝජනාවලියක්...