ඉදිරි අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලට වඩා වැඩි මුදලක්

Published on

අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලට වඩා වැඩි මුදලක් , අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතු බවත්, ඉදිරි වසරවල අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා.

‘අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්’ ලෙස හැදින්වීම ම ගැටළුවක් ලෙස දකිනා බවත්, නිවැරදි වැඩපිළිවෙලක් තුළ ජනතවගේ ආර්ථික ස්ථායිකරණය හරහා පොහොසත් රටක ලස්සන ජීවිතයක් ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව විසින් සංවිධාන කළ ප්‍රාදේශීය සභාවේ පොදු අරමුදල හරහා අඩු ආදායම්ලාභී දරුවන්ට පාසල් පොත් සහ උපකරණ ලබා දීමේ වැඩසටහනක් අද (24) ටී.බී ඉලංගරත්න ක්‍රීඩාංගනයේ දී පැවැත් වුණා.

ඊට එක් වෙමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

මෙරට සංවර්ධනය වීමෙහි ලා දැනුමෙන් සන්නද්ධ වූ දරු පරපුරක් බිහි කරලීමේ අවශ්‍යතාවයක් ඇති බවත්, යහපත් සමාජ පරිවර්තනයක දී අධ්‍යාපනය යනු අත්තටු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියා.

Latest articles

කට කතාවලට අදානි උත්තර දෙයි

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි...

විකුණන්නේ නැති දෙයක් ගැන ඇමති ලාල් කියයි.

පසුගිය රජය විසින් විකිණීමට තීරණය කර තිබූ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වර්තමාන රජය...

ඩිජිටල් ID එක ගැන දැනුවත් කිරීම් ඇරඹේ

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා...

පි⁣ටරට සඟවා ඇති වත්කම් නැවත අත්පත් කර ගන්න ස්විට්සර්ලන්තයේ සහාය

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ...

More like this