වසර 13කට පසු තුර්කි ගුවන් සේවය ඩැමස්කස් වෙත යළි ගුවන් ගමන් අරඹයි

Published on

වසර 13කට ආසන්න විරාමයකින් පසු තුර්කි ගුවන් සේවය සිරියාවේ ඩැමස්කස් වෙත යළි සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව දැනුම් දී තිබෙනවා.

ඒ පිළිබඳ නිවේදනය කරමින් එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ, ඉස්තාන්බුල් නගරයේ සිට සිරියාවේ ඩැමස්කස් දක්වා සතිපතා ගුවන් ගමන් වා‍ර තුනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

2011 වසරේ දී යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ ජාත්‍යන්තරව හුදෙකලා වී සිටින සිරියානු රජය සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීම සඳහා වන කලාපීය උත්සාහයන් හමුවේ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

තුර්කි ගුවන් සේවය අවසන් වරට සිරියාව වෙත සිය ගුවන් ගමන් දියත් කළේ 2012 වසරේ මාර්තු මස 31 වන දින වන අතර, අනතුරුව සිරියාවේ හිටපු ජනපති බෂාර් අල් අසාද් මහතා බලයෙන් පහ කිරීමෙන් පසු 2024 වසරේ දෙසැම්බර් මස 14 වන දින සිට ඩැමස්කස්හි පිහිටි සිය තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට තුර්කිය පියවර ගෙන තිබිණ.

Latest articles

කට කතාවලට අදානි උත්තර දෙයි

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි...

විකුණන්නේ නැති දෙයක් ගැන ඇමති ලාල් කියයි.

පසුගිය රජය විසින් විකිණීමට තීරණය කර තිබූ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වර්තමාන රජය...

ඩිජිටල් ID එක ගැන දැනුවත් කිරීම් ඇරඹේ

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා...

පි⁣ටරට සඟවා ඇති වත්කම් නැවත අත්පත් කර ගන්න ස්විට්සර්ලන්තයේ සහාය

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ...

More like this