Search for an article

රූපවාහිනී සංස්ථාවේ මුල් පුටුව ගිහාන් ද සිල්වාට

Published on

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා මහතා අද ( 26) දින වැඩ භාර ගෙන තිබෙනවා.

ගිහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ බහු සන්නාම ආයතනික මෙහෙයුම් පිළිබඳ වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇති ව්‍යාපාරික වෘත්තීකයෙක්.

ඔහු අලෙවිකරණය, උපාය මාර්ගික සැලසුම්කරණය සහ කළමනාකාරිත්වය යන ක්ෂේත්‍රයන්හි හැකියාවන් පෙන්වා ඇති අතර, ඒ තුළින් බලපෑම්කාරී සන්නාම බිහි කිරීම පිළිබඳ ප්‍රසිද්ධියක් අත්පත් කර ගෙන තිබෙනවා.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ගිහාන් ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමි කරගෙන තිබෙනවා.

ඒ මහතා සිය වෘත්තීය සාර්ථකත්වයට අමතරව ජාතික සංවර්ධනය සහ තිරසාරභාවය සඳහා වන නව රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරනවා.

Latest articles

ICC වසරේ එක්දින කණ්ඩායමේ නායකත්වය චරිත්ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලට සමගාමිව 2024 වසරේ එක්දින කණ්ඩායම...

ඉදිරි අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලට වඩා වැඩි මුදලක්

අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලට වඩා වැඩි මුදලක් , අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ...

සලෝචන ගමගේට ඇප

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත්...

වසර 13කට පසු තුර්කි ගුවන් සේවය ඩැමස්කස් වෙත යළි ගුවන් ගමන් අරඹයි

වසර 13කට ආසන්න විරාමයකින් පසු තුර්කි ගුවන් සේවය සිරියාවේ ඩැමස්කස් වෙත යළි සෘජු ගුවන්...

More like this