අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලට වඩා වැඩි මුදලක් , අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතු බවත්, ඉදිරි වසරවල අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා.
‘අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්’ ලෙස හැදින්වීම ම ගැටළුවක් ලෙස දකිනා බවත්, නිවැරදි වැඩපිළිවෙලක් තුළ ජනතවගේ ආර්ථික ස්ථායිකරණය හරහා පොහොසත් රටක ලස්සන ජීවිතයක් ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව විසින් සංවිධාන කළ ප්‍රාදේශීය සභාවේ පොදු අරමුදල හරහා අඩු ආදායම්ලාභී දරුවන්ට පාසල් පොත් සහ උපකරණ ලබා දීමේ වැඩසටහනක් අද (24) ටී.බී ඉලංගරත්න ක්‍රීඩාංගනයේ දී පැවැත් වුණා.
ඊට එක් වෙමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.
මෙරට සංවර්ධනය වීමෙහි ලා දැනුමෙන් සන්නද්ධ වූ දරු පරපුරක් බිහි කරලීමේ අවශ්‍යතාවයක් ඇති බවත්, යහපත් සමාජ පරිවර්තනයක දී අධ්‍යාපනය යනු අත්තටු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියා.