වසර 13කට පසු තුර්කි ගුවන් සේවය ඩැමස්කස් වෙත යළි ගුවන් ගමන් අරඹයි

Published on

වසර 13කට ආසන්න විරාමයකින් පසු තුර්කි ගුවන් සේවය සිරියාවේ ඩැමස්කස් වෙත යළි සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව දැනුම් දී තිබෙනවා.

ඒ පිළිබඳ නිවේදනය කරමින් එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ, ඉස්තාන්බුල් නගරයේ සිට සිරියාවේ ඩැමස්කස් දක්වා සතිපතා ගුවන් ගමන් වා‍ර තුනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

2011 වසරේ දී යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ ජාත්‍යන්තරව හුදෙකලා වී සිටින සිරියානු රජය සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීම සඳහා වන කලාපීය උත්සාහයන් හමුවේ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

තුර්කි ගුවන් සේවය අවසන් වරට සිරියාව වෙත සිය ගුවන් ගමන් දියත් කළේ 2012 වසරේ මාර්තු මස 31 වන දින වන අතර, අනතුරුව සිරියාවේ හිටපු ජනපති බෂාර් අල් අසාද් මහතා බලයෙන් පහ කිරීමෙන් පසු 2024 වසරේ දෙසැම්බර් මස 14 වන දින සිට ඩැමස්කස්හි පිහිටි සිය තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට තුර්කිය පියවර ගෙන තිබිණ.

Latest articles

හිටපු ජනපති මහින්දගෙන් ආරක්ෂාව අඩු කිරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස...

දුම්රිය ප්‍රවේශපත්‍ර වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙක් රිමාන්ඩ්

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරන ටිකට්පත් මිලදීගෙන වැඩි මුදල්වලට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

විදේශීය තරුණියන් වෛශ්‍ය වෘත්තීයේ යෙද වූ සම්බාහන හිමිකරුට බරපතල වැඩ සහිත සිර දඬුවම්

තෙරපිවරියන් වශයෙන් සේවය කිරීම සඳහා රැකියා ලබා දෙන බව පවසා ඉන්දුනීසියාවේ සිට තරුණියන් තුන්දෙනෙකු...

ICC වසරේ එක්දින කණ්ඩායමේ නායකත්වය චරිත්ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලට සමගාමිව 2024 වසරේ එක්දින කණ්ඩායම...

More like this