රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේට ඇප හිමිව තිබෙනවා.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගන්නා ලද ඉඩමකට අදාළ වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මෙම සැකකරුවන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබුණේ.
ඒ අනුව ඔහු ඇතුළු සැකකරුවන් දෙදෙනා මෙලෙස ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා