පසුගිය දශකය තුළ ඉන්දියාවේ මිලියන 16 ක මරණවලට හේතුව වායු දූෂණය බව හෙළි වේ

Published on

පසුගිය දශකය තුළ ඉන්දියාවේ මිලියන 16 ක මරණවලට හේතුව වායු දූෂණය බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනවා.

වායු දූෂණයට නිරාවරණය වීම හේතුවෙන් සිදුවන දෛනික හා වාර්ෂික මරණ අවදානමද සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ තත්ත්වය හමුවේ ශ්වසන සහ හෘද රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව කියයි.

එසේම අධික වායු දූෂණ මට්ටම් හේතුවෙන් දිල්ලියේ පාසල් කිහිපයක්ම ශීත ඍතුවේ දී අවම වශයෙන් සති දෙකක කාලයක් වසා දමන බවයි කියන්නේ.

සෑම ශීත සෘතුවකම, උතුරු ඉන්දියාවේ පැතිරුණු බෝග ගිනි ගැනීම් සහ කාලගුණික තත්ත්වයන්, රථවාහන, කර්මාන්ත සහ අපද්‍රව්‍ය දහනය හේතුවෙන් දැනටමත් ඉහළ වායු දූෂණ මට්ටම්වලට එකතු වන අතර එමඟින් ඝන දුමාරයක් ගොඩනඟා, හිරු එළිය අවහිර වන අතර වාතය හුස්ම ගැනීමට පවා අපහසු තත්ත්වයක් ඇති වන බව කියයි.

මෙසේ PM2.5 ආශ්වාස කරන විට, ඒවා පෙණහලුවලට සහ රුධිර ප්‍රවාහයට ඇතුළු වන අතර එමඟින් ශරීරයේ දැවිල්ල වැනි ප්‍රතික්‍රියා වල කඳුරැල්ලක් ඇති කරන බව මාධ්‍ය වාර්තා පවසනවා.

මෙය හෘද රෝග, පෙනහළු රෝග, පිළිකා සහ ඩිමෙන්ශියාව වැනි නිදන්ගත රෝග කිහිපයක් ඇති කිරීමට හෝ නරක අතට හැරීමට මෙන්ම මාතෘ හා ළමා සෞඛ්‍යයට බලපාන අවදානම වැඩි කරන අතර එය අවසානයේ මාරාන්තික වීමට හැකියාව ඇති බවද සඳහන්.

Latest articles

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

More like this