2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

Published on

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා වන විශේෂ ව්‍යාපාරයක් චීනය තවදුරටත් ක්‍රියාත්මක කරනු ඇති බව බෙයිජිං හි පැවති ජාතික වාණිජ ක්‍රියාකාරී සමුළුවක දී සඳහන් විය.

එහි වාර්තාවන්ට අනුව දැක්වෙන්නේ, චීනය සිය පාරිභෝගික භාණ්ඩ වෙළඳාමට අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ගන්නා වූ උත්සාහයන් ඉදිරියේ දී වේගවත් කරනු ඇති බවයි.

එමඟින් වඩාත් විවිධාංගීකරණය වූ පරිභෝජන අවස්ථා නිර්මාණය වන අතර සේවා සහ ඩිජිටල් පරිභෝජනය ද ප්‍රවර්ධනය කෙරේ.

විදේශ වෙළඳාම සම්බන්ධයෙන් ගත් කළ, චීනය සිය ආනයන ක්‍රියාකාරීව පුළුල් කරනු ඇති බවත්, දේශසීමා ඊ-වාණිජ්‍යය සහ හරිත වෙළඳාම සංවර්ධනය කරනු ඇති බවත්, වෙළඳ ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කරනු ඇති බවත් අදාළ සමුළුවේ දී ප්‍රකාශ වී ඇත.

තවද විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා, චීනය ස්වේච්ඡා සහ ඒකපාර්ශ්වික විවෘත කිරීම ක්‍රමානුකූලව පුළුල් කරනු ඇති අතර, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී ජාතික ආර්ථික සංවර්ධන කලාපවල කාර්යභාරයට පූර්ණ දායකත්වයක් ලබා දෙමින් විදේශීය ව්‍යවසායන් සඳහා සේවා වැඩි දියුණු කරනු ඇති බවත් සඳහන් වේ.

එමෙන්ම ඉහළ ප්‍රමිතියෙන් යුත් ජාත්‍යන්තර ආර්ථික සහ වෙළඳ නීති සමඟ පූර්වගාමීව පෙළගැස්වීමටත්, කාර්මික දාම සහ සැපයුම් දාමවල ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට සහ සේද මාවත ඊ-වාණිජ්‍ය සහයෝගීතාව ගැඹුරු කිරීමටත් තවදුරටත් උත්සාහයන් ගනු ඇති බව මෙම ජාතික වාණිජ ක්‍රියාකාරී සමුළුවේ දී අනාවරණ වී ඇත.

රටේ වාණිජ කටයුතුවල ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන කාර්යයන් පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම සහ 15 වන පස් අවුරුදු සැලැස්ම (2026-2030) කෙටුම්පත් කිරීම ප්‍රවර්ධනය කිරීම අවශ්‍ය බව මෙහිදී සඳහන් කළ වාණිජ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා, වසර ආරම්භයේදී නිෂ්පාදනයේ ආරක්ෂාව සහ ස්ථාවර වෙළඳපල සැපයුම සහතික කිරීම සඳහා ද කටයුතු කළ යුතු බව පැවසීය.

Latest articles

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

නිරිතදිග ජපානයේ රිච්ටර් පරිමානයේ ඒකක 6.9ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන්, මියාසාකි ප්‍රාන්තයට,...

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක් සදහා අදියර 1 යටතේ නායයෑමේ පූර්ව...

ගම්පොළ පැහැරගත් සිසුවිය අම්පාරෙන් හමුවෙයි

ගම්පොළ ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි...

More like this

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

නිරිතදිග ජපානයේ රිච්ටර් පරිමානයේ ඒකක 6.9ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන්, මියාසාකි ප්‍රාන්තයට,...

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක් සදහා අදියර 1 යටතේ නායයෑමේ පූර්ව...