පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

Published on

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස් අයියර් පත්කර තිබෙනවා.

පසුගිය 2024 වසරේදී කොල්කටා කණ්ඩායමට ශූරතාව ලබා ගැනීම සඳහා නායකත්වය ලබාදුන් අයියර්ව වසර අවසානයේදී කණ්ඩායමෙන් නිදහස් කිරිමට කළමනාකාරිත්වය පියවර ගෙන තිබුණා.

පසුගියදා පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දිය රුපියල් කෝටි 26.75කට ශ්‍රෙයාස් අයියර්ව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම මිලදී ගත බව සඳහන්.

එය පැවති ක්‍රීඩක වෙන්දේසියේ දෙවන විශාලතම මිලදී ගැනීම ලෙසයි සැලකෙන්නේ.

එමෙන්ම මේ වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කාල සටහනේ සුළු වෙනස්කමක් සිදුකර තිබෙන බවද සඳහන් කරනවා.

සංවිධායකවරුන් තීරණය කර ඇත්තේ තරඟාවලිය මුලින් ප්‍රකාශයට පත් කළ කාලයට වඩා සතියකට පසු ආරම්භ කිරීමටයි.

ඒ අනුව තරඟාවලිය නිල වශයෙන් මාර්තු 21 වැනිදා කොල්කටාහිදී ආරම්භ වීමට නියමිතයි.

අවසන් මහා තරඟය මැයි මස 25 වැනිදා කොල්කටා හිදීම පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

මීට පෙර මාර්තු 14 වැනිදා තරඟාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ අතර ශූරයින්ගේ කුසලාන තරඟාවලිය හේතුවෙන් තරඟ විකාශකයින් කරනු ලැබූ ඉල්ලීකට අනුව මෙම කාලසටහන සංශෝධනය කර ඇති බවයි පවසන්නේ.

Latest articles

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

More like this