ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

Published on

ඉන්දුනීසියාව ලෙවෝටෝබිහි ලකී – ලකී ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා.

ගිනිකන්ද විදාරණය විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ පසුබිමකයි එය සක්‍රීය වී ඇත්තේ.

සංචාරක දූපතක් වන ෆ්ලෝරස්ට හී පිහිටා ඇති මෙම ගිනි කන්දේ ආවාටයේ සිට කිලෝමීටර් 8 ක් දක්වා අවදානම් කලාප ලෙස අනතුරු ඇඟවීම් කර ඇති අතර ඒ අවට වාසය කරන පිරිස් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සිය පැවසුවේ ඊයේ දහවල් ගිනි කන්ද මීටර් 10,000 (අඩි 32,800) ක් ඝන අළු වලාකුළු මුදා හරින බව වාර්තා කළ බවයි.

අළු පිපිරීම හතු හැඩැති වලාකුළක් දක්වා ප්‍රසාරණය වූ අතර එය කන්දේ සිට කිලෝමීටර් 90 (සැතපුම් 56) සිට කිලෝමීටර් 150 (සැතපුම් 93) දක්වා දුරින් පිහිටි නගරවල සිට දැකගත හැකි වනවා.

මෙම ගිනිකන්ද සක්‍රිය වීමෙන් කිසිදු දේපළ හානි හෝ ජීවිත හානි පිළිබඳ ක්ෂණික වාර්තා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගිනි කන්දෙන් ආරම්භ වන ගංගාවල ලාවා ගලායාම එම ප්‍රදේශයට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමග වේගවත් වී ඇති බැවින් ඒ අවට පදිංචිකරුවන්ට විමසිලිමත් වන ලෙසද අනතුරු අඟවා තිබෙනවා.

මීට පෙර පසුගිය නොවැම්බර් මාසයේදී මෙම ගිනි කන්ද විදාරණය වූ අතර එහිදී පුද්ගලයින් නව දෙනෙකු මියගියා.

Latest articles

මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නැහැ – බලශක්ති අමාත්‍ය

මැද පෙරදිග යුද ගැටුම් පැවතිය ද මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය...

කවදාවත් යටත් වෙන්නේ නැහැ – ඉරාන උත්තරීතර නායක අලි කමේනි

ඉරානය කෙදිනකවත් යටත් නොවන බව එරට උත්තරීතර නායක අලි කමේනි පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ...

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ඇගයේ

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ...

වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සමගි ජන බලවේගයට

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වැලිගෙපොළ ප්‍රාදේශීය...

More like this