මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ඇගයේ

Published on

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

ඔහු මෙම අදහස් පළ කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන්, අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සංවිධානය කර තිබූ උත්සවය අමතමින්.

එසේම, පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ පරිවර්තනීය යුගයේ දී ඉතා සුමට ලෙස මෙරට ආර්ථිකය හසුරවමින්, රටට ආර්ථික ජයග්‍රහණ අත්කර දීමට එතුමා ලබා දුන් සුවිශේෂී දායකත්වය සහ කැපවීම අගය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය කෘතඥතාවද පිරිනමනු ලැබුවා.

පුද්ගලයන්ගේ සැබෑ වටිනාකම් වෙනුවට, වෙනත් දේ වටිනාකම් බවට පත්ව ඇති මෙම යුගයේදී රටත්, සමාජයත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පුද්ගල වටිනාකම් පිළිබඳ නව හර පද්ධතියක අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා අධිපරිභෝජනවාදී, දූෂණයෙන් අගතියට පත් රාජ්‍ය සේවයක් වෙනුවට මනුෂ්‍යත්වයෙන් සහ අනෙකා කෙරහි සංවේදී වෙමින් වගකීම් ඉටුකරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවයි පැවසුවේ.

එසේම, රාජ්‍ය සේවය පුරවැසියන්ට ඉහළින් තිබෙන සහ ජනතාව සමග කිසිදු සබඳතාවක් නොමැති යාන්ත්‍රණයක් නොවිය යුතු සේම, තීන්දු තීරණ ගැනීමේදී සෑම විටම, එම තීන්දුවලින් ජන ජීවිතයට එල්ල විය හැකි බලපෑම පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ අත්දැකීම් බහුල සහ ගැඹුරු අවබෝධයක් ඇති ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වූ මහින්ද සිරිවර්ධන මහතාගේ රාජකාරී ජීවිතයෙන් තරුණ රාජ්‍ය නිලධාරින්ට ලබා ගත හැකි ආදර්ශ බොහෝ බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබ වූ වසර 03ක සේවා කාලය තම වෘත්තීය ජීවිතයේ සුවිශේෂීම අවස්ථාව බවයි මෙහිදී අදහස් දැක් වූ මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ.

රටෙහි පාලනයේ වෙනසක් සිදු වුවද තමා කෙරෙහි විශ්වාසය තබමින් අඛණ්ඩව එම ධුරයේ රඳවා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ ඒ මහතා, තම ධුරයේ කටයුතුවලදී ජනාධිපතිවරයාගෙන් ලැබුණු සහාය විශාල ශක්තියක් වූ බවත් පැවසුවා.

එසේම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුළ තිබූ විශ්වාසය, දරා ගැනීම සහ අසීමිත කැපවීම නොවන්නට රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට නොහැකි වනු ඇති බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ විශිෂ්ට සේවාව අගයමින් සිහිවටන තිළිණයක් පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

Latest articles

මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නැහැ – බලශක්ති අමාත්‍ය

මැද පෙරදිග යුද ගැටුම් පැවතිය ද මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය...

කවදාවත් යටත් වෙන්නේ නැහැ – ඉරාන උත්තරීතර නායක අලි කමේනි

ඉරානය කෙදිනකවත් යටත් නොවන බව එරට උත්තරීතර නායක අලි කමේනි පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ...

වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සමගි ජන බලවේගයට

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වැලිගෙපොළ ප්‍රාදේශීය...

පන්නල ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි කුරුණෑගල පන්නල...

More like this

මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නැහැ – බලශක්ති අමාත්‍ය

මැද පෙරදිග යුද ගැටුම් පැවතිය ද මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය...

කවදාවත් යටත් වෙන්නේ නැහැ – ඉරාන උත්තරීතර නායක අලි කමේනි

ඉරානය කෙදිනකවත් යටත් නොවන බව එරට උත්තරීතර නායක අලි කමේනි පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ...

වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සමගි ජන බලවේගයට

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වැලිගෙපොළ ප්‍රාදේශීය...