ඉරානය කෙදිනකවත් යටත් නොවන බව එරට උත්තරීතර නායක අලි කමේනි පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම් ‘හාස්‍යජනක’ යැයි ඔහු ප්‍රකාශ කර ඇති බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “තර්ජනාත්මක හා හාස්‍යජනක ප්‍රකාශ” හෙළා දකිමින්, “ඕනෑම එක්සත් ජනපද හමුදා මැදිහත්වීමක් නිසැකවම ආපසු හැරවිය නොහැකි හානියක් සිදු කරනු ඇත” යනුවෙනුයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.
එමෙන්ම ඉරානයට පහර දීමෙන් ඊශ්‍රායලය ‘විශාල වැරැද්දක්’ කර ඇති බවට අලි කමේනි කියා සිටින බවද සඳහන්.
ඊශ්‍රායල් හා ඉරාන යුද ගැටුම් උත්සන්න වෙමින් පවතින අතරවාරයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයෙන් “කොන්දේසි විරහිත යටත් වීම” සඳහා ඉල්ලා සිටින පසුබිමකයි එරට උත්තරීතර නායක අලි කමේනි මේ බව පවසා ඇත්තේ.
ඇමරිකානු ප්‍රවෘත්ති ආයතන වාර්තාවලට අනුව, ට්‍රම්ප් ඉරානයට පහර දීම සඳහා ඊශ්‍රායලය සමඟ එක්වීමට සලකා බලමින් සිටින අතර, ඉරාන ප්‍රකාශකයෙක් අනතුරු ඇඟවූයේ ඇමරිකානු මැදිහත්වීම කලාපය තුළ “සම්පූර්ණ යුද්ධයකට” හේතු විය හැකි බවයි.