මුහුදු බත් වූ M.S.C. එල්සා නෞකාව නිසා මෙරට මුහුදු ජීවීන්ට සහ ශාඛවලට සිදුවූ හානි ගැන සොයන්න විශේෂ කණ්ඩායම් කිහිපයක්

Published on

ඉන්දියාවේ කේරළ මුහුදේ අනතුරට ලක්වු M.S.C. එල්සා නෞකාවේ තිබු මයික්‍රෝ ප්ලාස්ටික් කැබලි ඇතුළු අපද්‍රව්‍ය මගින් මුහුදු ශාඛ හා ජීවින්ට ඇති වී තිබෙන හානි සොයා බැලිමට විශේෂ කණ්ඩායම් කිහිපයක් යොමුකර තිබෙනවා.

උතුරේ සිට දකුණ වෙරළ දක්වා එම කණ්ඩායම් යොමුකර ඇති බවයි ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය සඳහන් කළේ.

මේ අතර අනතුරට ලක්වු M.S.C. එල්සා නෞකාවේ තිබු මයික්‍රෝ ප්ලාස්ටික් කැබලි ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරිමේ කටයුතු අද(18) දිනයේත් සිදු කෙරෙනවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළේ, යාපනය ,මන්නාරම සහ ගාල්ල දිස්ත්‍රික්කවල වෙරළ තිරවල ගොඩ ගැසි ඇති අපද්‍රව්‍ය අද දිනයේ ඉවත් කිරිමට පියවර ගන්නා බවයි.

ඒ සඳහා යුද හමුදාව සහ ප්‍රදේශවාසින්ගේ සහාය ලබා ගන්නා බව සාමාන්‍යාධිකාරිවරයා සදහන් කළා.

එමෙන්ම අපද්‍රව්‍ය තවදුරටත් යාපනය, මන්නාරම,පුත්තලම සහ ගාල්ල දිස්ත්‍රික්කවල මුහුදු තීරවලට ගොඩ ගැසෙමින් ඇති බවයි ගුණසේකර මහතා පැවසුවේ.

ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ MSC එල්සා භාණ්ඩ ප්‍රවාහන නෞකාව පසුගිය මස 25 වැනිදා ජල කාන්දුවක් හේතුවෙන් අනතුරට ලක් වුණා.

ඒ , ඉන්දියාවේ කේරල වෙරළට නාවික සැතපුම් 38 ඔබ්බෙන් පිහිටි සාගර කලාපයේදීයි.

මුහුදුබත් වනවිට නෞකාවේ බහාලුම් 643ක් ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා.

Latest articles

මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නැහැ – බලශක්ති අමාත්‍ය

මැද පෙරදිග යුද ගැටුම් පැවතිය ද මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය...

කවදාවත් යටත් වෙන්නේ නැහැ – ඉරාන උත්තරීතර නායක අලි කමේනි

ඉරානය කෙදිනකවත් යටත් නොවන බව එරට උත්තරීතර නායක අලි කමේනි පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ...

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ඇගයේ

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ...

වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සමගි ජන බලවේගයට

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වැලිගෙපොළ ප්‍රාදේශීය...

More like this