රාජ්‍ය නිලධාරීන්ට සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මකයි – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍යාංශය

Published on

රාජ්‍ය නිලධාරීන්ට සිදුවන අකටයුතුකම් සහ පහරදීම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍යාංශය පවසනවා.

ඒ, පසුගිය දිනක වනජීවි දෙපාර්තමේන්තු නිලධාරියෙකුට හිටපු මන්ත්‍රීවරයකුගේ සමීපතමයකු පහරදීමට උත්සාහ කිරිමේ සිදුවීමත් සමගයි.

රාජකාරි වේලාව තුළදී පුත්තලම ප්‍රදේශයේ, වන අලි අභය භූමියට පලවා හැරි වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට අදාළ මන්ත්‍රිවරයාගේ සමීපතමයා පහර දීමට උත්සහ කර ඇති බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍ය මහාචාර්යය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ.

වනජීවි නිලධාරීවරයා සතුව තිබී අලි පලවා හැරීමට භාවිතා කරන රාජකාරි ගිනි අවිය ද පැහැර ගැනීමට සැකකරු උත්සහ කර තිබෙනවා.

ඒ අනුව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම සිදුවීම් පාදක කර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන්ට සිදුවන අකටයුතුකම් හා රාජකාරියට බාධා කිරිම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර අදාළ පුද්ගලයින්ට නීතිමය පියවර ගන්නා බවයි.

Latest articles

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ඇගයේ

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ...

වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සමගි ජන බලවේගයට

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වැලිගෙපොළ ප්‍රාදේශීය...

පන්නල ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි කුරුණෑගල පන්නල...

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

ඉන්දුනීසියාව ලෙවෝටෝබිහි ලකී - ලකී ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා. ගිනිකන්ද විදාරණය විය හැකි බවට...

More like this