ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් සහ ආසියානු ඔලිම්පික් කමිටුවෙන් මෙරට ඔලිම්පික් කමිටුවට ලබාදෙන අරමුදල් දෙසැම්බර් 10 වනදා සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
කෙසේවෙතත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ජාතික ඔලිම්පික් කමිටුව වෙත ඊමේල් පණිවුඩයකින් දන්වා ඇත්තේ ඔලිම්පික් ශිෂ්‍යත්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුකරන සෘජු ගෙවීම් එලෙසම ක්‍රියාත්මක කෙරෙන බවයි.
ඒ අනුව ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බවයි ඊයේ (13) පැවති ජාතික ඔලිම්පික් කමිටු විශේෂ මහ සභා රැස්වීමේදී තීරණය කළේ.
නමුත් 2026 අප්‍රේල් මාසයේදීයි කමිටුවේ වත්මන් නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ.
ඉක්මනින් නිලවරණයක් පැවැත්වීමේ යෝජනාව ඊයේ රැස්වූ විශේෂ මහ සභා රැස්වීමේදී තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිර්දේශ ලබාගැනීමෙන් පසුව ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය එළඹෙන වසරේ මාර්තු මාසයට පෙර පැවැත්වීමට සැලසුම් කරන බවද සඳහන්.