විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා.
එහි කාර්ය මණ්ඩලය පැවසුවේ එය ඔවුන් මෙතෙක් දැක ඇති ආකාරයේ විශාලතම මකුළුවා බවයි.
ඕස්ට්‍රේලියානු උරඟ උද්‍යානයට අනුව හෙම්ස්වර්ත් ලෙස නම් කර ඇති මෙම මකුළුවා අඩියේ සිට පාදය දක්වා 9.2cm ක (අඟල් 3.6ක් පමණ) උසකින් යුක්ත වනවා.
එය 2024 ජනවාරි මාසයේදී උරඟ උද්‍යානයට පරිත්‍යාග කරන ලද 7.9cm (අඟල් 3.1) වන හර්කියුලිස් නම් මකුළුවා විසින් පිහිටුවන ලද පෙර විශාලතම වාර්තාව අභිබවා යන බවයි පැවසෙන්නේ.
හොලිවුඩයේ වඩාත්ම කැපී පෙනෙන ඕස්ට්‍රේලියානු නළුවන් අතර සිටින හෙම්ස්වර්ත් සහෝදරයන් වන ක්‍රිස්, ලියම් සහ ලූක්ගේ නමින් මෙම මකුළුවා නම් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු කෞතුකාගාර වාර්තාවලට අනුව, මෙම වර්ගයේ මකුළුවෙකුගේ සිරුරේ සාමාන්‍ය දිග 1cm සිට 5cm දක්වා වන අතර පිරිමි මකුළුවන් සාමාන්‍යයෙන් ගැහැණු සතුන්ට වඩා කුඩා බව සඳහන්.
සිඩ්නි සහ ඒ අවට ජීවත් වන වඩාත් භයානක සත්ත්ව විශේෂයක් වන මෙම මකුළු විශේෂය වේගයෙන් චලනය විය හැකි, මාරාන්තික විෂ සහිත සත්ත්වයකු ලෙස ප්‍රසිද්ධයි.
1981 දී ප්‍රතිවිෂ හඳුන්වා දීමට පෙර මෙම මකුළුවා සපාකෑම් හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තිබෙන බව සඳහන්.
නමුත් ප්‍රතිවිෂ හඳුන්වා දුන් දා සිට, මරණ කිසිවක් සිදුවී නොමැති බවයි පැවසෙන්නේ.
සෑම අභිජනන සමයක් ආරම්භයේ දීම සිඩ්නි සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් උද්‍යාන පාලකයන් ඉල්ලා සිටින්නේ මකුළුවාගෙන් ආරක්ෂා වන ලෙසයි.
මෙම මකුළුවකුගේ බිත්තරයක් දුටුවහොත් ඒවා ප්‍රතිවිෂ සෑදීමට භාවිතා කළ හැකි නිසා ප්‍රවේශමෙන් සහ සන්සුන්ව, ඒවා එකතු කරගන්නා ලෙසත් බලධාරීන් විසින් ජනතාව දැනුවත් කර තිබෙනවා.