ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

Published on

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

තවත් 13 දෙනෙක් පමණ අතුරුදන් වී ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර ඇමරිකාවේ උප ජනාධිපති කමලා හැරිස් ,පැසිපන්දු තරුවක් වන ලෙබ්‍රොන් ජේම්ස් සහ කැලිෆෝනියාවේ හිටපු ආණ්ඩුකාරවරයෙක් වන රංගන ශිල්පී ආර්නෝල්ඩ් ෂ්වාස්නේගර්ගේ නිවාසද ගිනි ගැනීමේ දැඩි අවධානමකට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

පවතින තත්ත්වය හමුවේ ලොස් ඇන්ජලිස් හි නිවාස සහ ව්‍යාපාර ස්ථාන 35000කට පමණ තවමත් විදුලිය විසන්ධි වී ඇති බවයි පැවසෙන්නේ.

ලොස් ඇන්ජලීස්හි ලැව්ගින්න කාලප 4ක පැතිර යන අතර විශාලතම ගින්න වන පැලිසේඩ්ස් ගින්න මේ වන විට 11%ක් පාලනය කර ඇති අතර දෙවන විශාලතම ගින්න වන පසඩේනා 15%ක් පමණ පාලනය කර ඇති බව සඳහන්.

මීට අමතරව කෙනත් ගින්න 90%ක් පමණ පාලනය කර ඇති අතර හර්ස්ට් ගින්න 76%ක් පාලනය කර ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර දේපළ කොල්ලකෑමේ සිද්ධි සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනි නිවන භටයින් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනෙක්ද ඒ අතර වන බව සඳහන්.

පවතින තත්ත්වය හමුවේ ඇතැම් නිවාස හිමියන් තම දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා පෞද්ගලික ආරක්ෂකයින් බඳවා ගෙන ඇති බවද වාර්තාවනවා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට හජ් වන්දනාව සඳහා සත්කාරකත්වය

මේ වසරේ හජ් වන්දනාව සදහා ශ්‍රි ලංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුම...

More like this