ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්තාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබෙනවා.
ඒ අනුව ඒ දිනය තුළ හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත්වන පරිදි ලබා දීමට අවස්ථාව සලසා දී ඇති බවයි පැවසෙන්නේ.
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හා බන්ධනාගාර නිතීරීතීන්ට අනුව අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලබන බව බන්ධනාගාර මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.