චීනය, රට තුළ 5G ජාල ව්‍යාප්ත කිරීමේ පස් අවුරුදු සැලැස්මේ ඉලක්කය සම්පූර්ණ කරයි.

Published on

චීනයේ 5G ජාල ව්‍යාප්ත කිරීමේ සහ සංවර්ධන ඉලක්ක නියමිත කාලයට පෙර සම්පූර්ණ කර ඇති බව චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

ඊයේ ශැංහයි හි පැවති චීන 5G සංවර්ධන සමුළුවට එක් වෙමින්, එරට කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය Zhang Yunming මහතා මේ බව ප්‍රකාශ කළා.

චීන රජයේ මධ්‍යස්ථාන, සංස්කෘතික සහ සංචාරක ස්ථාන මෙන්ම ප්‍රධාන ප්‍රවාහන මාර්ග වැනි ගමනාගමන ස්ථාන ද 5G ජාලයෙන් සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති අතර ග්‍රාමීය හා දුරස්ථ ප්‍රදේශවල අඛණ්ඩ ව්‍යාප්තිය ද පුළුල් කර ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, 5G තාක්ෂණය‍ 5G-A තාක්ෂණ මට්ටම දක්වා උසස් කිරීම ක්‍රමානුකූලව ප්‍රවර්ධනය කළ යුතු බවත් මූලික තාක්ෂණික පර්යේෂණ ශක්තිමත් කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එම රැස්වීමේදී පෙන්වා දී තිබෙනවා.

5G-A තාක්ෂණය, 5.5G තාක්ෂණය ලෙසද හැඳින්වෙන අතර එය 5G තාක්ෂණයේ සිට 6G තාක්ෂණය දක්වා පරිවර්තනය කිරීමේ තාක්ෂණයක් වන අතර මේ වන විට චීනයේ ප්‍රධාන විදුලි සන්නිවේදන ක්‍රියාකරුවන් 5G-A ජාල රට පුරා ව්‍යාප්ත කිරීම ද අරඹා ඇති බවයි චීන මාධ්‍ය පවසන්නේ.

Latest articles

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

More like this