ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

Published on

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත් රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථය නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ධාවනයවී ප්‍රපාතයකට පෙරළුණේ පුද්ගලයින් 22දෙදෙනෙකුට දිවි අහිමි කරමින්.

අනතුරෙන් තුවාල ලැබූවන් අවට රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර ඒ අතරින් කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් සියලුදෙනා ප්‍රතිකාර ලබා පිටවගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

නාවලපිටිය රෝහලේ මේවන විට රෝගීන් 5දෙනෙකු ප්‍රතිකාර ලබන අතර ගම්පොළ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 22 ක්.

නුවරඑළිය මහරෝහලේ මේ වනවිට 15 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ බරපතළ තත්ත්වයේ පසුවන රෝගීන් කිහිපදෙනෙකු පේරාදෙණිය සහ මහනුවර යන රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර අනතුරට පත් බස් රථය අයත් කතරගම ඩිපෝවේ කළමනාකාර, තුසිත චමින්ද මහතා අනතුර සම්බන්ධයෙන් පැවසූවේ,

“බස් රථය නියමිත ආකාරයෙන් හදලා සෑම දිනකම දුරගමන් සේවා බස් රථ පරීක්ෂා කරලා තමයි ධාවනය කරවන්නේ. ඒවගේම හොඳ පළපුරුදු රියදුරු මහත්තයෙක් මේ ගමන්වාරයට යොදවලා තිබුණේ. එයා නියමිත කාලයට පස්වරු 4ට සේවයට ඇවිත් රාත්‍රී 10ට තමයි කතරගමින් ආරම්භ කරන්නේ. දිවා කාලයේ සේවා කරලා නෑ.”

යනුවෙනි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය නලින්ද පත්වෙයි

ඉන්දු - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තේරී...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...