කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

Published on

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ ග්‍රෑම් 800ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා දෙපාර්තමේන්තුව මගින් පේසාලේ වෙරළ තීරයේ දී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂනය කර පරීක්ෂා කිරීමේ දීයි මෙම ගංජා තොගය අදාළ නිලධාරීන්ට හමුව ඇත්තේ.

නාවික හමුදාව පැවසුවේ සිය භාරයට ගත් ගංජා තොගයේ වීථි වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 87කට අධික වන බවයි.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම ඩිංගි යාත්‍රාව පේසාලේ වෙරළ ප්‍රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි සැක පළ කර ඇති අතර අදාළ කේරළ ගංජා තොගය සහ ඩිංජි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාර දීමට නියමිතයි.

Latest articles

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය නලින්ද පත්වෙයි

ඉන්දු - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තේරී...

More like this