නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය තරුණියක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇයගේ ගමන් මලු 02 ක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක්.
ඇය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකිනුයි තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.
අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික තරුණිය වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.