වත්මන් කතානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංගයට අත්සන් තැබීමට සමගි ජන බලවේගය අද (13) කටයුතු කර තිබෙනවා.
මෙලෙස විශ්වාසභංගය ගෙන එන්නේ කතානායකවරයා තමාට ආචාර්ය උපාධියක් ඇති බව පවසා ජනතාවත් රජයත් රැවටූ බව පවසමින්.
ඊට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුනාතිලක, පා.ම. ජේ. සී අලවතුවල, අජිත් පී පෙරේරා, සුජිත් සංජය පෙරේරා, චතුර ගලප්පත්ති, ජගත් විතාන සහ හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් කර කර තිබෙනවා.